දේශීය

කුඩා වාහනවල මිල අඩුකිරීමට රජය අවධානය යොමුකළ යුතුයි – වාහන ආනයනකරුවන්ගේ සංගමය

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.

ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසයි.

“සාමාන්‍ය ජනතාව මිලදී ගන්න Alto, Wagon R, Yaris, Hustler වැනි 1000cc කාණ්ඩයේ වාහනවල බද්ද අඩුකරලා දෙන්න. සාමාන්‍ය Wagon R රථයකට ලක්ෂ 40ක පමණ බද්දක් වදිනවා. මේක පොඩි වාහනයක්, මිලදී ගන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්. හොඳට ඉන්ධන කරන වාහනයක්. හරිනම් මේ වගේ වාහන ජනප්‍රිය කරවන්න ඕන” යනුවෙනුයි ඒ මහතා පැවසුවේ.

මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බවද සභාපතිවරයා කියා සිටියා.

ඒ හේතුවෙන් ආනයනික වාහන සඳහා වන කොන්දේසි ලිහිල් කරන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලීමක් කර සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසාද් මානගේ මහතා ප්‍රකාශ කළේ,

“ආපදා තත්ත්වය නිසා මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම කඩාවැටිලා. අපට ඕඩර්ස් දීපු මිනිස්සුන්ට ඔවුන් ගෙන්වපු වාහන මිලදීගන්න බැරි තැනකට ඇවිත්. 3%ක දඩයක් ගහනවා මාස 3 පැන්නාම. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිනම් මෙම 3% ඉවත්කරලා දෙන්න”

යනුවෙනුයි.

Shares: