ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ධීවරයින් සමග ඔවුන් පැමිණි ධීවර යාත්රාවද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙම පිරිස තමිල්නාඩුවේ රාමනාදපුරම් හි වෙසෙන අය බවත්, ඔවුන් මෙරට මුහුදු තීරය උල්ලංඝණය කර ධීවර කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
එම ධීවරයින් තිදෙනා සහ යාත්රාව කන්කසන්තුරය වරායට රැගෙන ඒමට නියමිත බවයි නාවික හමුදාව ප්රකාශ කළේ.











