උණුසුම් පුවත්

වතුකම්කරුවන්ගේ දිනෙක වැටුප Rebuilding අරමුදලට පරිත්‍යාග කෙරේ

වතුකම්කරුවන් පිරිසක් සිය එක් දිනෙක වැටුප Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා.

බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී. කොටසේ කම්කරුවන් පිරිසක් විසිනුයි මෙලෙස සිය වැටුප පරිත්‍යාග කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් රුපියල් 108,000ක මුදලක් මෙසේ Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර ඇති.

අදාළ මුදල ජාතික ජන බලවේග නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සූරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් වෙත ඊයේ භාරදෙනු ලැබුවා.

Shares: