ක්‍රීඩා

තාවි සමරවීර මේස පන්දු පිටියේ ලොව අංක 01ට පත්වෙයි

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව තිබෙනවා.

කුඩා කල සිටම මේසපන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ තාවි මෑත කාලයේදි ශ්‍රී ලංකාවට මේසපන්දු ක්‍රීඩාවෙන් ඉතිහාසගත ජයග්‍රහණ රැසක් රැගෙන ආ පුංචි හපනෙක්.

ඉතාලියේ ඉකුත්දා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ තාවි සමරවීර එහිදී අවුරුදු 11න් පහළ මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණේ ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂාතව ප්‍රදර්ශනය කරමින්.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 5වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තාවි මේ පුංචි වයසට දක්වා තිබෙන දක්ෂතා නම් සුළු පටු නැහැ.

Shares: