ලංකාවේ ප්‍රථම වතාවට කටුනායක ගුවන් තොටුපළේ ආන්දෝලනාත්මක සිද්ධියක්
ලෝක සාමය පතා විදෙස් භික්ෂූන් වහන්සේලා පා ගමනක යෙදෙන මොහොතක, ශ්‍රී ලංකාව තුළින්ම පැමිණි විපරීත පුවතක් සමාජය උණුසුම් කරමින් තිබෙනවා.
තායිලන්තයේ බැංකොක් නුවර සංචාරයක් නිම කර, එයාර් ඒෂියා ගුවන් සේවයේ FD-140 ගුවන් යානයෙන් ඊයේ (අප්‍රේල් 25) රාත්‍රී 10.10ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය “කුෂ්” සහ “හෑෂ්” කිලෝග්‍රෑම් 110කට අධික බවයි ආරංචි මාර්ග සදහන් කර තිබුණේ. සෑම භික්ෂූන් වහන්සේ නමකගේම කිලෝ 5කට අධික මත්ද්‍රව්‍ය සඟවා තිබී තෘබෙනවා.
ගමන් මලු තුළ පාසල් උපකරණ, රසකැවිලි අතර ව්‍යාජ පතුල් සකස් කර ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය සඟවා තිබූ බව අනාවරණය වී තිබෙනවා.
ජංගම දුරකතනවලින් හෙළිවූ තොරතුරු වලට අනුව තායිලන්තයේදී ඇතැම් භික්ෂූන් වහන්සේලා ගිහියන් ලෙස හැසිරෙන දර්ශන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩියෝ
මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මතයි. කැලණිය ප්‍රදේශයේ භික්ෂුවක් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට සැක කරන අතර, ඔහු මෙම සංචාරයට එක්ව නොසිටි අතර, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවයි ආරංචි මාර්ග සදහන් කර තිබුණේ.
“ඩොනේෂන්” නමින් යැවූ පාර්සල්?
එම සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය “දානයක්” ලෙස ලබා දී, වෑන් රථයකට භාර දීමට උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට පත් භික්ෂූන් වහන්සේලා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර විමර්ශන තවමත් සිදු වෙමින් පවතිනවා.
මෙම භික්ෂූන් වහන්සේලා තමන් නොදැනුවත්ව මෙම ජාවාරමට යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මෙවැනි ආකාරයෙන් භික්ෂූන් වහන්සේලා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වනවා. ධර්මය, විශ්වාසය සහ නීතිය ආරක්ෂා විය යුතුයි. සත්‍යය හෙළිවීම අත්‍යවශ්‍යයි.











