සීෂෙල්ස් මුහුදු සීමාව තුළ විදේශීය ධීවර යාත්‍රාවක් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන එය විනාශ කිරීම සහ එම සිදුවීම සම්බන්ධව මේ වන විට එරට මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා ධීවරයින් 6 දෙනෙකු සමග වෙන්නප්පුව වෙල්ලමංකරේ ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඉෂානි -1 නම් මෙම යාත්‍රාව පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා සීෂෙල්ස් රාජ්‍ය භාරයට ගෙන එම යාත්‍රාව ගිනිතබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එරට ආරක්ෂක හමුදා විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශය සැලකිල්ලට ගත් බවත් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එරට පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ අදාළ බලධාරීන් සමහ සමීප සම්බන්ධතා පවත්වමින් තත්ත්වය සම්බන්ධව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
ඒ අනුව පවතින තත්ත්වය මත එම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් වෙනුවෙන් අවශ්‍ය කොන්සියුලර් සහය ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.











