හිරු හා දෙරණ මාධ්‍ය නාලිකාවලින් කළ අපහාසාත්මක ප්‍රචාරණ හේතුවෙන් කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 03ක වන්දි ඉල්ලා,පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා එම මාධ්‍ය ආයතන දෙකට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
ශාන්ත පද්මකුමාර මහතා සිය නීතිඥවරයා හරහා ලිපියක් යොමු කරමිනුයි එය දන්වා ඇත්තේ.
එමෙන්ම එම ලිපිය ලැබී දින 07ක් ඇතුළත අදාළ මුදල ගෙවන ලෙසද එන්තරවාසියේ සඳහන්.
මෙම නාලිකා ඔස්සේ පවත්වන ලද ප්‍රචාරණයන් හේතුවෙන් තමන්ගේ සමාජීය හා දේශපාලන කීර්තියට දැඩි හානියක් සිදු වූ බවයි මන්ත්‍රීවරයා මෙමගින් පෙන්වා දී ඇත්තේ.










