දේශීය

ජොන්ස්ටන් සහ බාල පුතු අධිකරණයට

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

සිදුකළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අතර එහිදී එම කොට්ඨාසයට හිටපු අමාත්‍යවරයා සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

 
Shares: