විදෙස්

වෙනිසියුලානු ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීම්

අම‍ෙරිකානු හමුදා ප්‍රහාරවලින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීම් සිදු වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙනවා.

මධ්‍යම කැරකස් හි මිරාෆ්ලෝර්ස් මාළිගයට ඉහළින් හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කර ඇති අතර එරට ආරක්ෂක හමුදා ඊයේ (05) රාත්‍රී 8ට පමණ ප්‍රතිචාර වශයෙන් වෙඩි තැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, අහසේ රතු එළි දුටු බවත්, අහසට එල්ල කරන ලද ප්‍රහාර ට්‍රේසර් උණ්ඩ මෙන් දිස්වූ බවත් ය. 

Shares: