අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජර්මානු ඉංජිනේරුවරියක් වන මිෂෙලා බෙන්තවුස් රෝද පුටු භාවිත කරන්නෙකු ලෙස අභ්‍යාවකාශයට ගිය ලොව පළමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
මිෂෙලා ඊයේ දිනයේ Amazon නිර්මාතෘ ජෙෆ් බේසෝස්ගේ Blue Origin (බ්ලූ ඔ්ර්ජින්) සමාගමට අයත් ‘නිව් ෂෙපර්ඩ්’ (New Shepard) රොකට්ටුව හරහා අභ්‍යාවකාශ ගතවුණා.
පෘථිවියේ සිට කිලෝමීටර් 105ක පමණ උසකට එනම් අභ්‍යවකාශයේ නිල සීමාව ලෙස සැළකෙන කර්මන් රේඛාව පසු කරමින් ඇය රැගත් රොකට්ටුව ගමන් කළ අතර, මේ සඳහා ගතවූ පියාසැරි කාලය විනාඩි 10ක්.
මෙම ගමන සඳහා එක්වූ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ සේවය කරන අභ්‍යාවකාශ ඉංජිනේරුවරියක වන මිෂෙලා මීට වසර හතකට පෙර අනතුරකට මුහුණ දුන් අතර, ඉන් ඇගේ කොඳු ඇටපෙළට හානි සිදුව තිබුණා.











