දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධවලට සෘජුවම සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසනවා.
මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 28,636දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.
විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 142දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව පොලීසිය පැවසුවේ බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 421දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම අපරික්ෂාකාරි රිය පැදවීම්වලට අත්අඩංගුවට ගැනීම් 41ක් සිදු කර ඇති අතර රථවාහන, වෙනත් වැරදී 4585ක් වාර්තා වී ඇති බවයි පොලීසියවැඩිදුරටත් කියා සිටියේ.











