දේශීය

බෙහෙත් පෙති තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේදියි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී නීතිවිරෝධි ලෙස ‍අලෙවි කිරීම‍ට උත්සාහ කළ ඖෂධ පෙති 860ක තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 29 යන වයස් සීමාවල පසුවන යාපනය ඔට්ටාමඩම්, සංකානි, නල්ලූර් සහ කොයියතෝඩිමම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවයි.

සැකකරුවන්, ඖෂධ තොගය සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

Shares: