දේශීය

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා.

ඒ අනුව පළමු වාරයේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ලබන 21 වැනිදායි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් නොපැවැත්වූ උසස් පෙළ විභාගයේ විෂයන් ලබන 12 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2086 කදී පැවැත්වෙනවා.

ආපදා තත්ත්වයෙන් ජාතික හැඳුනුම්පත අස්ථාන ගතවී ඇති සිසුන්ට විදුහල්පතිවරයාගේ ද, පෞද්ගලික අයදුම්කරුවන්ට ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකයෙන් ද යුත් තාවකාලික හැඳුනුම්පතක් මගින් විභාගයට පෙනී සිටිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Shares: