නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
කෙසේවෙතත් එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක්කිරීමට කටයුතු කර නොමැති අතර ඉදිරි දින කිහිපයේ දී එය පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් ඔස්සේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 900ක් එක්කරන අතර මේ වන විට ජාතික පද්ධතියට විදුලිය එක්කරනු ලබන්නේ එක් ජනන යන්ත්‍රයක් මගින් පමණයි.
කෙසේවෙතත් තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වට පත්කිරීමට කටයුතු කරමිනුයි සිටින්නේ.










