නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමිනුයි මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත්තේ.
විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේ විද්‍යානුකූල පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යවරියට එම තනතුරින් ඉවත් වන ලෙසට බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවයි .
මේ අතර ඊයේ මහනුවරට ගිය හිටපු අමාත්‍යවරයා කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවූ බරපතල වරදට වගකිව යුතු අධ්‍යාපන අමාත්‍යවරිය වහාම තනතුරෙන් ඉවත් කළ යුතු බවයි.
මෙහිදී පළමුව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු වීරවංශ මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මතුව තිබෙන ගැටලු පිළිබඳ සංදේශයක් ද භාරදෙමිනුයි මහනාහිමියන්ට කරුණු පැහැදිලි කළේ.
අනතුරුව හිටපු අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ද බැහැදැක මේ පිළිබඳ කරුණු දක්වා සිටියා.










