ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගුගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
එමෙන්ම එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවද එහි සඳහන්.
එම නිවේදනය පහතින්,












