තලංගම පරණ බටපොත පාරේ පිහිටි දෙමහල් නිවසක හිමිකරුවකුගේ ගෙල කපා අද (12) පෙරවරුවේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ රජයේ මුද්‍රණාලයේ විශ්‍රාමික ආරක්ෂක නිලධාරියෙක් .
විශ්‍රාම ලැබූ ඔහු මේ දක්වා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙසයි කටයුතු කරමින් සිට ඇත්තේ.
ඔහු 72 වැනි වියේ පසුව තිබෙනවා.
ඔහුට අයත් දෙමහල් නිවසේ ඉහළ මහලේ පිටස්තර පුද්ගලයන් සඳහා නවාතැන් ලබා දී තිබෙන අතර ඔවුන්ට ශබ්දයක් ඇසී පහත මාලයට පැමිණ බලන විට නිවෙස් හිමිකරු මුනින් අතට ලේ ගොඩක් මැද වැටී සිටින අයුරු දැක තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට හේතුව අනාවරණය වී නැති අතර තලංගම පොලිසියේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.











