මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් පවසනවා.
දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මත ගැටුම් ඇති වූවද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බවයි.
අද මහනුවර මඩවල ජනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ජාතික සංඝ සම්මේලයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමි මෙලෙස අදහස් පළ කළා..
“රට කාබාසීනියා කරන කූඨ උපක්‍රම නියායපත්‍රයන් කසකැවෙනවානම් ඒවාට අභියෝගකරන්න අයිතිය අපිට අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ ඉදලම මහා සංඝරත්නය ඒ වෙනුවෙන් කතා කළා ඉතින් අපි දැක්කා ලාල්කාන්ත මහතා කැළේ සත්තුවගේ එළියට ඇවිල්ලා වනචාරී පහත් තුච්ච ප්‍රකාශයක් සිදුකළා. අපි ඒ ඇමතිවරයාට කියන්න ඕනේ කරුණාකරලා ඔබගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න ඕනේ. මන්දයත් එහෙම නොවුනොත් හේ රට කොටි පැත්තට යන්නේ කියලා අපිට හිතාගන්න බැහැ. කරුණාකරලා අපි කියනවා ජනාධිපතිතුමෙනි මෙයා ඉක්මනින්ම බැදලා දැම්මේ නැති වුණොත් එහෙම මේ රට මීට වැඩිය අනතුරකට පත්වෙනවා ඒක වළක්වාගන්න කිසිකෙනෙක්ට බැහැ. කරුණාකරලා ඔබතුමාලා මේ සංස්කෘතිය ඇතුළේ වෙනස් වුණේ නැති වුනොත් එහෙම මේ රටේ ජනතාව ඉතා ඉක්මනට ප්‍රතිචාර දක්වයි කියලා.”










