2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.
එම කාල සීමාව තුළ එක් දිනක වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 6 වන දින වාර්තා වී ඇති අතර, එදින ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 9,275ක් බවත් එම අධිකාරිය පවසනවා.
මෙම දින 8 තුළ වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,367ක් ලෙස වාර්තා වනවා.
ඊට අමතරව රුසියාවෙන් සංචාරකයින් 8,425 දෙනකු, එක්සත් රාජධානියෙන් 6,067 දෙනකු සහ ජර්මනියෙන් 5,306 දෙනකු මෙරටට පැමිණ ඇති බවද සඳහන් වනවා.











