සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්‍රීතම් සිං ධුරයෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට නීති සම්පාදකයින්ගේ ඡන්දයෙන් පසුව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුගේ විපක්ෂ නායක ධුරය මෙලෙස ඉවත් කර තිබෙන්නේ.
පාර්ලිමේන්තු කමිටුවකට පැමිණ දිවුරුම් දී අසත්‍ය තොරතුරු පැවසීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසුව ඔහුගේ ධුරය මෙලෙස ඉවත් කර තිබෙනවා.
කෙසේ නමුත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ කම්කරු පක්ෂය වන විපක්ෂයේ මහලේකම් ධුරය දිගටම පවතින නමුත් අමතර දීමනා සහ පාර්ලිමේන්තු විවාද අතරතුර පළමු පිළිතුරු දීමේ අයිතිය වැනි වරප්‍රසාද ඔහුට අහිමි වනු ඇති බවත් සිංගප්පූරු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.










