දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
නව ලක්ෂපාන හා පොල්පිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල ඇති වූ හදිසි ඇණහිටීමක් හේතුවෙන් අද (15) පස්වරුවේ නුවරඑළිය, මොනරාගල, බදුල්ල සහ පැරණි ලක්ෂපාන යන උපපොළවල විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා .
මේ හේතුවෙන් අදාළ උපපොළ මගින් විදුලිය සැපයෙන ප්‍රදේශවල හදිසි විදුලි බිඳවැටීමක් සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
එමෙන්ම අද (15) පස්වරුවේ හම්බන්තොට සහ ඇඹිලිපිටියට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියේ ද හදිසි දෝෂයක් හටගෙන තිබුණා.
මේ හේතුවෙන් ඇඹිලිපිටිය, බෙලිඅත්ත, බලංගොඩ, දෙනියාය, ගාල්ල, මාතර සහ අම්බලන්ගොඩ උපපොළවලට සැපයෙන විදුලිය ඇනහිටීමක් සිදුව තිබුණා.
ඒ සමඟම මෙම උපපොළ මගින් විදුලිය බෙදාහරින ප්‍රදේශවලට විදුලිය ඇණහිටීමක් සිදුව ඇති බව සඳහන් වුණා.
කෙසේ වෙතත්, මේ වනවිට විදුලිය ඇණහිට තිබූ සියලු ප්‍රදේශවලට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.









