දේශීය

බූස්ස බන්ධනාගාරයේ නොසන්සුන්තාවය මැඩපවත්වයි

බූස්ස බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට පාලනය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළා.

රැඳවියන් පිරිසක් අද (16) බූස්ස බන්ධනාගාරයේ ‘D’ අංශයේ වහලය මතට නැගී එහි පරිපාලනයට විරුද්ධව විරෝධතාවක නිරත වුණා.

එහිදී ඔවුන් කලහකාරී ලෙස හැසි‍රෙමින් දේපොළවලටද හානි සිදුකර තිබෙනවා.

Shares: