උණුසුම් පුවත්

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වී තිබුණා.

එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හොබවනු ලැබුවා.

ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයටද පත්වුණා.

Shares: