දේශීය

බෝම්බ තුනක් අනුරාධපුරයේ නිවසක

අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අදාළ හිටපු කමාන්ඩෝ සෙබළාද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් එම බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී තිබෙනවා.

Shares: