රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වනවා.
පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි මස 5වනදා සිට 9වනදා දක්වා දක්වා ක්‍රියාත්මක වු අතර ජනවාරි 10වනදා සිට ඊයේ දිනය දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබාදීම සිදුවුණේ ‘දිට්වා’ සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග හේතුවෙන්.
ඒ අනුව අදින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු මස 02 වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීම සිදුවෙයි.
කෙසේවෙතත් රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල්වලට පෙබරවාරි 14 වනදා සිට මාර්තු මස 22 වන දින දක්වා නිවාඩු ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.











