දේශීය

ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක්

පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කුඩා දරුවන් අතර මෙම රෝග දක්නට ලැබෙන බවයි ගම්පහ රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ,

“මේ දවස්වල පවතින ශීත වියළි කාලගුණයත් සමඟ වෛරස් රෝග කිහිපයක පැතිරීම වැඩි වෙන්න පුළුවන්. අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව තමයි මේ වෛයිරස් බොහෝ දුරට බලපෑමක් ඇති කරන්නේ. සාමාන්‍යයෙන් මේ වෛරස් රෝග පෙර පාසල් වයසේ පසුවන කුඩා දරුවන් අතර බහුලව පැතිරෙන්න පුුළුවන්. උණ, කැස්ස, සෙම්පතිශ්‍යාව, උගුරේ වේදනාව, අධික හිසරදය, මාංශපේශීවල ඇතිවන වේදනාවත් වමනය, පාචනය වැනි රෝග ලක්ෂණත් මෙහිදී ඇති වෙන්න පුළුවන්. ඔබට දින තුනකට වඩා මේ රෝග ලක්ෂණ පවතිනවානම්, ඒ වගේම ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවානම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි”

යනුවෙනුයි.

මේ අතර මෙම දිනවල වායු ගුණත්මකභාවය පහළ මට්ටමක පවතින බව ද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා.

ඉදිරි දින දෙක තුළ මෙම තත්ත්වය පහව යනු ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා කියා සිටියේ.

Shares: