කාළගුණය

අද අලුයම අවම උෂ්ණත්වය නුවරඑළියට – 7.4°Cක්

අද (21) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙස හා බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.2ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

එසේම මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය 17.4ක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ අනුරාධපුරය ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.6ක් බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමක දැක්වෙන බවද වැඩිදුරටත් සඳහන් කරනවා.

Shares: