දිට්වා සුළි කුණාටුවෙන් යම් ප්‍රමාණයකට හෝ අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා චීන තානාපති චී වොන් හොංග් පවසනවා.
තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (22) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදැක සිදු කළ සාකච්ඡාවේදීයි.










