කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක් මෙලෙස විවෘත වන බවයි එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
මෙම “ඊ ගේට්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ ජපාන රජයේ අධාර මතයි.
මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ හැකියාව පවතින බවද ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා සඳහන් කළා.










