කැස්බෑ මස් කිලෝග්රෑම් දහතක් සහ බිත්තර තිස් නවයක් සහ ඩිංගි යාත්රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව ප්රකාශ කළේ සැකකරුවන් 26 සහ 32 යන වයස් කාණ්ඩවල පසුවන අය බවයි.
පසුගිය 31 වැනිදා මන්නාරම නච්චිකුඩා වෙරළ ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම සැකකරුවන්, කැස්බෑ මස් සහ බිත්තර හා ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි වනජීවි කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.











