ක්‍රීඩා

එංගලන්තයට තියුණු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති 3 වැනි සහ අවසන් 20-20 තරගය ලකුණු 12කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (03) සමත්වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 3ට 0ක් ලෙස එංගලන්තය ජය ගත්තා.

පල්ලේකැලේදී පැවැති තරගයේ කාසියේ දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ් අනුව පිටියට පිවිසි එංගලන්ත පිළ පන්දුවාර 20දි කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස් කළා.

ලකුණු 129ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4ක ලකුණු 62ක් තුළ බිඳවැටුණා.

ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 116ක් පමණයි.

Shares: