හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (03) රාත්‍රී කාලයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති.
කිරිබත්ගොඩ පොලිස් වසමේ රෝහල පාර ප්‍රදේශයේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 03 සහ ග්‍රෑම් 18ක් සමඟ ජංගම දුරකථනයක් හා එම යතුරුපැදියද සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.










