දේශීය

78 වැනි නිදහස් සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලි මෙන්ම දෙපාර්ශවයටම ලාභදායි සහයෝගීතාවයක් අනුගමනය කරන හවුල්කරුවන් වන අතර සංවර්ධන සහ පුනර්ජීවන මාවතේ ගමන්කරන්න මිත්‍රයන් බවත් ෂී මහතා සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

2025 ජනවාරි මාසයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය සිහිපත් කරමින් ෂී මහතා පවසා ඇත්තේ එම සංචාරයේදී ඵලදායී සාකච්ඡා පවත්වා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයම පුළුල් එකඟතාවයකට පැමිණි බවයි.

එමෙන්ම චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් දක්වන බව ද ෂී මහතා පවසනවා.

Shares: