ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙරටට වැඩම කරවූ දෙව්නිමෝරි සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට මේ දක්වා විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙන බව සඳහන් වුණා.
ඒ අනුව අද සිට පෙබරවාරි 11 වනදා පෙරවරු 07 දක්වා පැය 24 පුරාම ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ පින්සාර අවස්ථාව සැදැහැවතුන්ට හිමිවෙනු ඇති.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයා ගැණුනු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ඊයේ (04) මෙරටට වැඩම කරවා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරනු ලැබුවා.
ඒ එම සර්වඥ ධාතූන් වහන්සේ ලාංකික සැදැහැවතුන්ට වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදාකර දෙමින්.










