ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම සියයට 59කින් ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අංශය සඳහන් කළේ, 2025 වසරේ ජනාධිපති අරමුදල වෙත අයදුම්පත් 5277ක් ලැබී ඇති බවයි.
2024 වසරේ ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 3,313ක් වන අතර 2023 වසරේ ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 3456ක් බව එහි දැක්වෙන්නේ.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 වසරට වඩා 2025 වසරේදී අයදුම්පත් 1964ක් ලැබී තිබෙනවා.
එම අයදුම්කරුවන් අතරින් සියයට 70කට වැඩි පිරිසකට මේ වන විට වෛද්‍යාධාර ලබා දීමද අවසන් කර ඇති.
ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් ලැබෙමින් පවතින බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
2025 වසරේදී උතුරු පළාතේ අයදුම් පත් යොමු කිරීම සියයට 253කින් වර්ධනයවී ඇති අතර නැගෙනහිර පළාතේ සියයට 135කින්, මධ්‍යම පළාතේ සියයට 116කින් සහ ඌව පළාතේ 108%කින් අයදුම්පත් ලැබීම ඉහළ ගොස් තිබෙනවා.











