තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වෙනවා.
වසර ගණනාවක දේශපාලන කැලඹිම්වලින් පසු පැවැත්වෙන මෙවර මැතිවරණයේදී තායිලන්ත ජාතිකයින් මිලියන ගණනක් ඡන්දය භාවිත කිරීමට සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබෙනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඡන්ද විමසීම මේ වන විටත් ආරම්භ වී ඇති බවයි.
වසර තුනක් තුළ එරටේ තුන්වන නායකයා වන අගමැති අනුටින් චාන්විරකුල් විසින් මෙම හදිසි මහ මැතිවරණය කැඳවා තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ භුමිජයිතායි පක්ෂය හෝ ඡන්ද විමසීම්වලින් ඉදිරියෙන් සිටින මහජන පක්ෂය මෙවර මැතිවරණයේදී බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.
මැතිවරණ ආසන 500කින් යුත් තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර එම ආසන 500න් නීති සම්පාදකයින් 400ක් සෘජුවම මන්ත්‍රී කොට්ඨාසවලින් තේරි පත්වුණා.











