දේශීය

ශ්‍රී ලංකා ගමනාගමන ක්ෂේත්‍රයට නව පියවරක්!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) අනාගත සේවක ඒකාබද්ධ කිරීම් කුසලතා, සුදුසුකම් සහ වෘත්තීය පළපුරුද්ද මත දැඩි ලෙස පදනම් කර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය *ප්‍රසන්න ගුණසේන* මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි අරමුණ —
✔️ විධිමත් ක්‍රමවේදයක්
✔️ විනිවිද පෙනෙන ක්‍රියාවලියක්
✔️ කුසලතා මත පදනම් වූ තෝරාගැනීමයි

රැකියා කාණ්ඩ සියල්ල හරහා සාධාරණ හා නියමිත ක්‍රමවේදයකට අනුව ඒකාබද්ධ කිරීම් සිදු කිරීම මගින් SLTB සේවාවට නව ශක්තියක් එක් කිරීමට බලාපොරොත්තු වන බව වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

ඉදිරි දිනවලදී දිවයින පුරා සියලුම SLTB ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි ආරංචි මාර්ග සදහන් කලේ.

කුසලතා මත ඉදිරියට යන, විශ්වාසය ගොඩනඟන ගමනාගමන සේවාවක් සඳහා මෙය වැදගත් පියවරක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා!

Shares: