දේශීය

පොලිස් කීර්ති නාමය ආරක්ෂා කිරීමට සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැක – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

පොලිස් කීර්ති නාමය ආරක්ෂා කිරීමට සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැක – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම හෝ සෙසු නිලධාරීන්ට ආදර්ශයක් දීම වැනි හේතු මත සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාරආරච්චි මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, එවැනි නියෝග නිකුත් කිරීමට ඇප පනත යටතේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවයි.

පසුගිය දා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මෙම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, නීතිමය ප්‍රතිපාදනවලට පිටුපසින් යා නොහැකි බවයි.
ඒ අනුව,
සැකකාර පොලිස් සැරයන්වරයා
සැකකාර පොලිස් කොස්තාපල්වරයා
රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.

කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, ජින්තුපිටියේ සිදුවූ වෙඩි තැබීම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔවුන් ජංගම මුර සේවාවේ නිරතව සිටි බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
තවද, ඔවුන් අදාළ අපරාධයට ආධාර අනුබල ලබා දී තිබේද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.
පොලිසිය විසින් ඔවුන්ට ඇප ලබා දීමට විරුද්ධ වන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ද විශාල ජන අවධානයක් යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද විමර්ශනද අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත් වාර්තා වේනවා.

👉 මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුරු සඳහා අප සමඟ දිගටම රැඳී සිටින්න.

Shares: