උණුසුම් පුවත්දේශීය

දිට්වා සුළිකුණාටුව – සහන ගෙවීම් ප්‍රගතිය 98% දක්වා…

2026 ජනවාරි 31 වන විට,

* හානියට පත් නිවාස සඳහා රු. 25,000 දීමනාව – 98.1%
* රු. 50,000 දීමනාව – 76.96%
* ජීවනෝපාය අහිමිවීමේ දීමනාව – 14.95%
* කුලී නිවාස දීමනාව – 17.02%
* පාසල් ළමුන් සඳහා රු. 15,000 දීමනාව –72.07%
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ දැඩිම ආපදා තත්වය ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ ප්‍රගතිය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නවතම තොරතුරු අනාවරණය කර තිබෙනවා.

‘Rebuilding Sri Lanka’ – ලැබුණු ආධාර

ලෝක බැංකුවේ ඇස්තමේන්තුව අනුව දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් පමණ බවයි සදහන් වන්නෙ.

එමෙන්ම, “Rebuilding Sri Lanka” අරමුදලට දේශීය හා විදේශීය වශයෙන් මෙතෙක් ලැබී ඇති ආධාර මුදල රුපියල් බිලියන 10කට ආසන්න බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කර තිබෙන්නේ.

විපතට පත් ජනතාවට සහන සැලසීම හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් බිලියන 500ක අමතර අයවැයක් ද සම්මත කර තිබෙනවා.

දිට්වා සුළිකුණාටුවෙන්:

* මරණ සංඛ්‍යාව – 676
* අතුරුදන්වී ඇති පිරිස – 155

අදාළ වන්දි ගෙවීම් කටයුතුද අදාල බලධාරීන් මගින් ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් ව තිබෙනවා.

Shares: