අද (19) පස්වරු 3.00ට ICC Men’s T20 World Cup තරගාවලියේ B කාණ්ඩයට අයත් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය R. Premadasa International Cricket Stadium හිදී ආරම්භ වීමට නියමිව තිබේ.
මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩසටහනක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලැබුවා.
ගේට්ටු විවෘත කිරීම,
* ක්‍රීඩාංගණ ගේට්ටු දහවල් විවෘත කෙරේ
* තරගය පස්වරු 3.00ට ආරම්භ වේ
ඉන්දියා – පකිස්තාන තරගය සඳහා ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්ම මෙම තරගය සදහාද ක්‍රියාත්මක වන බව සඳහන් කලා
🚫 දහවල් සිට වාහන නැවැත්වීමට සීමා ඇති මාර්ග
* සංඝරාජ මාවත
* සුමනාදිසි මාවත
* වින්සන්ට් පෙරේරා මාවත
* බ්‍රිටෝ බබාපුල්ලේ පෙදෙස
* පන්සල පාර
* ඛෙත්තාරාම පාර
* සෙබස්තියන් ඇළ පාර
* අඩි 100 පාර
* ශ්‍රී බෝධිරාජ මාවත
* මාලිගාවත්ත පටුමග
* ජුම්මා මස්ජිඩ් පාර
* ප්‍රදීප මාවත
* සද්ධර්ම මාවත
🅿️ නියමිත වාහන නැවැත්වීමේ ස්ථාන
* ක්‍රීඩාංගන පරිශ්‍රය – VIP සහ මාධ්‍ය (වාහන 165)
* සතොස ක්‍රීඩාංගණය සහ දුම්රිය අංගනය – සැහැල්ලු වාහන 500
* සෙබස්තියන් ඇළ මාර්ගය (පළමු – දෙවන පාලම) – වාහන 80
* ඇපල්වත්ත – වාහන 150
* කෝවිල් පාර – වාහන 200
* අඩි100 පාර (දෙපස) – වාහන 150
📞 සහාය අවශ්‍ය නම්
නරඹන්නන්ට ඕනෑම ගැටළුවක් සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සෘජුව සහාය ලබා ගත හැකි අතර, හදිසි සහාය සඳහා 0112 433 333 අමතන්න.











