ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ හරියානා ප්‍රදේශයේ සුරාජ්කුම් හි පැවති ලෝක හස්තකර්මාන්ත ශිල්පීන් ගේ ප්‍රදර්ශනයට සහබාගී වූ ඉරේෂා චින්තනී ද සිල්වා මහත්මියට, රටවල් 53ක් අතරින් හොදම විදේශීය හස්තකර්මාන්ත ශිල්පියා සදහා ලැබූ සම්මානය ලබා ගැනීමට හැකි විය.
විදෙස් රටවල් 53 ක් එම ප්‍රදර්ශනය සදහා තම දක්ශතම හස්තකර්මාන්ත ශිල්පීන් යොමුකර තිබුණු අතර අප රටෙන්ද එම ප්‍රදරශනය සඳහා ශිල්පීන් 14 දෙනෙකු සහබාගී විය. එම ප්‍රදර්ශනය මෙම වසරේ ජනවාරි 31 සිට පෙබරවාරි 15 දක්වා එම තරගය පැවැත්විය.
ප්‍රථම වරට ඉන්දියාවේ හරියානා හි සුරාජ්කුම් මේලා සදහා සහබාගී වී ලක් මවගේ දුවනියක් ලෙස ඇගේ නාමය විදෙස් රටක පීටිකාවක් මත රදවන්න හැකි වීම ඇයගේ දක්ෂතාවය මනාවට පිළිබිඹු කරන සාක්ෂියකි.
මේ අවුරුදු 3 ක හස්තකර්මාන්ත ශිල්පිනියක ලෙස පටන් ගත් ගමන් ඇයගේ එක් සුවිශේෂ කඩඉමකි .
රටවල් 53ක් අතරින් හොදම විදේශීය හස්තකර්මාන්ත ශිල්පියා ලෙස සම්මානයක් ලබා ගත් ඇයට, අපගේ සුභාශිංසන.











