2026 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය සාර්ථක වර්ධනයක් සනිටුහන් කරමින්, ප්‍රධාන වෙළඳපොළවලට යැවූ භාණ්ඩ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
🇮🇳 ඉන්දියාව දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය ලෙස ඉදිරියට
India ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය ලෙස තවදුරටත් ස්ථානය තබා ගනිමින්, 2026 ජනවාරි මාසයේදී අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 113.57 දක්වා 38.67%කින් වර්ධනය වී තියෙනවා.
එමෙන්ම එක්සත් රාජධානිය වෙත අපනයන 3.18%කින් ඉහළ ගොස්, වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 82.08ක් ලෙස වාර්තා වී තිබෙනවා.
FTA රටවල් – ඉන්දියාව සහ පාකිස්තානය
පාකිස්තානය සමඟ එකඟතා වෙළඳ ගිවිසුම් (FTA) යටතේ, ඉන්දියාව සහ පාකිස්තානය වෙත අපනයන ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයන වලින් 10.5%ක් නියෝජනය කරයි.
* ඉන්දියාව වෙත අපනයන 38.67%කින් ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන තෙල්, ඇඳුම්, සත්ව ආහාර, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන මෙහි ප්‍රධාන අංග වේ.
* පාකිස්තානය වෙත අපනයන 32.97%කින් ඉහළ ගොස්, බුලත් කොළ, වස්ත්‍ර සහ පොල් ගෙඩි ආශ්රිත නිෂ්පාදන ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
යුරෝපා සංගමය වෙත අපනයන වර්ධනය
යුරෝපා සංගමය වෙත අපනයන 12.27%කින් වර්ධනය වී ඇති අතර, එය ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයන වලින් 22%ක් නියෝජනය කරයි.
ප්රමුඛ EU වෙළඳපොළ 5ක් ලෙස,
* Germany – ඇ.ඩො. මිලියන 58.05 (7.76% ↑)
* Italy – ඇ.ඩො. මිලියන 57.05 (25.27% ↑)
* Netherlands – ඇ.ඩො. මිලියන 39.02 (6.52% ↑)
* France – ඇ.ඩො. මිලියන 21.49 (3.02% ↓)
* Belgium – ඇ.ඩො. මිලියන 21.11 (7.48% ↑)
මෙම තොරතුරු අනාවරණය කළේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසිනි.
🔎 සමස්තයක් ලෙස, 2026 ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ස්ථාවර වර්ධන මාර්ගයක ගමන් කරමින් පවතින බව මෙම සංඛ්‍යා දත්ත සනාථ කර තිබෙනවා











