දේශීය

මීනගයා’ අන්තර් නගරාත්මක ශීඝ්‍රගාමී දුම්රිය සේවාව යළි ආරම්භ වෙයි

කොළඹ කොටුව සහ මඩකළපුව අතර ධාවනය වන ජනප්‍රිය *‘මීනගයා’* අන්තර් නගරාත්මක ශීඝ්‍රගාමී දුම්රිය සේවාව අද (23) සිට යළි ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය දිනවල ඇති වූ දිට්වා සුළි කුණාටුවෙහි බලපෑම් හේතුවෙන් මෙම දුම්රිය සේවාව තාවකාලිකව නවතා දැමීමට සිදු වූ අතර, තත්ත්වය සාමාන්‍යකරණය වීමත් සමඟ නැවත ධාවනයට එක් කර තිබෙනවා.

ඉහළ පහසුකම් සහිත මෙම දුම්රිය සේවාව නැවත ආරම්භ වීම, නැගෙනහිර පළාතට ගමන් කරන මගීන්ට විශාල පහසුවක් වන අතර, දිගු දුර ගමන් සඳහා ආරක්ෂිත සහ සුවපහසු විකල්පයක් ලෙස යළිත් ලබාගත හැකි වනවා

Shares: