අම්පාර, පානම ප්රදේශයේ පානම වැව අසල සිදුවූ වල් අලියෙකුගේ ප්රහාරයකින් 71 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය විසින් නිවේදනය කර තිබෙනවා.
මියගොස් ඇත්තේ පානම ප්රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි. කුඹුරු කටයුතු නිම කර නිවසට යමින් සිටියදී ඔහු වල් අලියෙකුගේ ප්රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
ප්රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු වහාම රෝහල්ගත කළද, පසුව ප්රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පානම පොලීසිය විසින් සිදුකරමින් පවතින අතර, ප්රදේශයේ ජනතාවට වල් අලි ගමන් කරන ප්රදේශවලදී දැඩි අවධානයෙන් සිටින ලෙස ද අවවාද කර තිබෙනවා.











