දේශීය

වැසි තත්ත්වයේ අඩුවක් අද සිට – කාලගුණයෙන් නව අනාවැකි

දිවයින පුරා පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය අද (23) සිට ක්‍රමයෙන් අඩු වීමට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, දකුණු පළාතේ සහ රත්නපුර, කලුතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සදහන් වන්නේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් පැහැදිලි කාලගුණයක් පවතිනු ඇත.

🌫️ එසේම, මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම වේලාවේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.

⛈️ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනවා.

Shares: