ගාල්ල – දංගෙදර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ මාපියන් හත්දෙනෙකු (07) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවයි පොලිසියේ සඳහන් කළේ.
මෙම සිදුවීම පසුගිය 19 වැනිදා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගය අතරතුර සිදුව ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් පරීක්ෂණ අනුව, මූල්‍ය ගනුදෙනුවක් මෙම ගැටුමට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.











