ස්වාධීන විද්වතුන්, මාධ්‍යවේදීන්, ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් සහ නීතිඥයින් 85 දෙනෙකු එක්ව ප්‍රකාශයක් නිකුත් කරමින්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ වෘත්තීය ස්වාධීනත්වය, ගෞරවය හා සේවා වාර්තාව සෑමවිටම ගරු කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන නිදහස, ආයතනික ස්වාධීනත්වය සහ විද්වතුන් දේශපාලන පීඩනයෙන් ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික තීරක බවයි.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2026 පෙබරවාරි 20 දින පෙනී සිටින ලෙස FCID විසින් දැනුම්දී තිබුණද, සෞඛ්‍ය හේතූන් මත ඇය එදින පෙනී සිටීමට නොහැකි වූ බව වාර්තා වනවා.
ඒ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 18 දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබුණේ අදාළ විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නෝටිසයක් නිකුත් කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ විවිධ මට්ටම්වල අවධානය යොමුව ඇති අතර, නීතිමය ක්‍රියාවලිය සහ වෘත්තීය ගෞරවය අතර සමබරතාව රැක ගැනීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් එම විද්වතුන් අවධාරණය කර තිබෙනවා











