දේශීය

පෘතුගාලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

පෘතුගාලයේ විදේශ කටයුතු අමාත්‍ය Paulo Rangel මහතා අද (24) උදෑසන දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

පෘතුගාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද මෙම සංචාරයට එක්ව තිබේ. ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත උදෑසන 8.35ට එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 යානයෙන් ඩුබායි සිට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළේ VIP විවේකාගාරයේදී මෙම දූත පිරිස පිළිගනු ලැබුවේ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසිනි.

මෙම සංචාරය තුළ දෙරට අතර ද්විපාර්ශවික සබඳතා, ආර්ථික සහ වාණිජ සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරනවා.

Shares: