පසුගිය වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව 2026 ජනවාරි මාසයේදී මෙරට වාර්ෂික උද්ධමනය සියයට 2.4 කින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
නවතම වාර්තාව අනුව,
ආහාර කාණ්ඩය – වසරින් වසර 3.4%ක වර්ධනයක්
ඉන්ධන, ගෑස්, ජලය හා විදුලිය – 2.2%ක ඉහළ යාමක්
අධ්‍යාපන අංශය – ඉහළම වර්ධනය 4.5%
සෞඛ්‍ය අංශය – 3.4%ක වර්ධනයක්
ඒ අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.6% මට්ටමේ නොවෙනස්ව පවතින බවද සඳහන් වනවා.
මෙම සංඛ්‍යාත්මක දත්ත අනුව, පොදු ජීවන වියදම් මට්ටම යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් දැක්වෙන අතර, විශේෂයෙන් අධ්‍යාපන හා ආහාර ක්ෂේත්‍රවල මිල ඉහළ යාම පාරිභෝගිකයින්ට වැඩි පීඩනයක් බවට පත්විය හැකි බවට වැඩිදුරටත් සදහන් වුනා.
ආර්ථික ප්‍රවණතා පිළිබඳ වැඩිදුර යාවත්කාලීන සඳහා අප සමඟ රැඳී සිටින්න.











