දිගු කාලයක් පුරා “Send Only” සේවාවට සීමා වී තිබූ PayPal මේ වනවිට ශ්‍රී ලංකාව සඳහා සම්පූර්ණ සේවාවන් සමඟ සක්‍රීය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය වසර ගණනාව පුරා ශ්‍රී ලාංකිකයින්ට PayPal හරහා විදේශීය වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමට ගෙවීම් සිදු කිරීම සහ දේශීය බැංකු කාඩ්පතක් ගිණුමට සම්බන්ධ කිරීම පමණක් සීමා වී තිබුණා නමුත්, අද සිට විදේශයන්ගෙන් මුදල් ලබා ගැනීම (Receive Money) සහ එම මුදල් දේශීය බැංකු ගිණුමකට ලබාගැනීමට (Withdrawal) හැකි වී ඇති බව පරිශීලකයන් පවසනවා.
මෙය නිල වශයෙන් සනාථ කිරීම සඳහා තවමත් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ PayPal ආයතනය විසින් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව සඳහන් වනවා.
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයට මෙය විශාල ඉදිරි පියවරක් වන අතර, විදේශීය ආදායම් උපයන ස්වයංරැකියාකරුවන්, Freelancerලා සහ Online ව්‍යාපාරිකයින් සඳහා මෙය ප්‍රබල වාසියක් වනු ඇත.
📌 නිල නිවේදනයක් නිකුත් වීමත් සමඟ වැඩිදුර තොරතුරු අප විසින් ඔබට ලබාදෙනු ඇත.











